බිත්ති පුවත්පත

Phone එක කඩාගන්නේ නැතුව හරි විදිහට Root කරමු...



අදකාලේ හැමෝම වගේ කරන දෙයක් තමයි Phone එක ගත්තගමන් Root කරන එක .ඒකට හේතුත් කීපයක්ම තියෙනවා ඒ නිසා එක වැරදී කියන්න අපිට බෑ.හැබැයි ඉතින් අපි Phone එකක් Root කරන්න කලින් හිතන්න ඕනෙ වැදගත් කරුණු ටිකකුත් තියනවා ඒ ගැන මම කලින් ලිපියකින් ඔයාලට කිව්වා..බලපු අනෙති අය ඒකත් බලලා ඉන්න මුලින්ම..හරි එහෙනම් අද කතාවට බහිමුකෝ
                                                                                                                       ගොඩක්දෙනෙක් දන්නෙ නැතුව Phone එක Root කරන්න ගිහින් හත්පොලේ ගාගන්නව.ඉටපස්සේ Phone එකත් කඩාගෙන අඩ අඩ ඉන්නව .ඒත් බයවෙන්න එපා අද මම කියල දෙන මේ ක්‍රමයෙන් අපිට පුලුවන් විනාඩි කීපයකින් Phone එක හරියට Root කරගන්න ඒ වගේම Unroot කරගන්නත් පුලුවන් ..ඒ වගේම කියන්න ඕනේ මේ වැඩේ අපිට කරගන්න Internet Connection එකත් තියෙන්න ඕනේ ...හරි එහෙනම් පියවරෙන් පියවර අපි වැඩේට බහිමු...


  • මුලින්ම පහළ තියෙන ලින්ක් එකෙන් "Kingo Android Root" සොෆ්ට්වෙයා එක බා ගෙන ඒක කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්න.
  • ඊළඟට ෆෝන් එක කම්පියුටර් එකට Data cable එකෙන් connect කරන්න. 
  • ෆෝන් එකේ USB Debugging mode එක ඔන් කරන්න.
  • දැන් ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයා එක ඕපන් කරන්න.
  • ටික වෙලාවක් යනකොට යටින් වැටේවි connecting server කියලා.තව ටික වෙලාවකින් connected  කියලා වැටේවි.
  • දැන් කරන්න තියෙන්නෙ ROOT කියන බට්න් එක ක්ලික් කරන එක විතරයි.
  • රූට් වෙලා ඉවර උනාම ෆෝන් එක restart වේවි.
  • දැන් ෆෝන් එකේ Kingo user කියන ඇප් එක ඉන්ස්ටෝල් වෙලා තියෙද කියලා බලන්න.ඒක තියෙනව නම් අපේ වැඩේ සාර්ථකයි ..
SIZE: 17.2 MB 


එහෙනම් අදට ඉවරයි තවත් ලිපියකින් හමුවෙනතුරු ඔයාලට ජයවේවා!!! ආ මතක් කරල Comments එකක් එහෙම දාල යන්න යාලුවනේ ඒක මට ගොඩක් වටිනවා .. 


No comments