බිත්ති පුවත්පත

Pattern Lock, password එක හෝ screen lock එක අමතක වුනාද?.. "Factory Data Reset කිරීමෙන් තොරව" Lock එක ඇරගන්න මෙන්න ක්‍රමේ



 ඔන්න මම අද කියන්න යන්නෙ ස්මාට්ෆෝනයක දත්ත මුල් සැකසුම් වලට පත් නොකර එහි ආරක්ෂක ක්‍රම මඟහැර යන ආකාරයක් ගැන.ලොක් එකක් අමතක උන ගමන් හැමෝමවගේ කරන දෙයක් තමයි දුරකථනය මුල් සැකසුම් වලට හරවන එක.එහෙමත් නත්නම් Factory Data Reset කිරීම කියන්නෙ. නමුත් මෙයින් අපට විශාල පාඩුවක් සිදුවේ.,එනම්  ස්මාට්ෆෝනයේ තිබූ දුරකථන අංක නාමාවලිය,ඇප්ස්,වෙනත් තොරතුරු අපට අහිමි වී යාම.ඉතින් ඒකට විසදුමක් විදියට තමයි මම මේ ක්‍රමේ අද ඔයාලට අරගෙන ආවේ.
                                                                                                                                         මුලින්ම කියන්න ඕන මේ උපක්‍රමය අන් අයගේ ස්මාට්ෆෝන් වලට හොරෙන් රිංගන්න හොරවැඩ කරන්න යොදා ගන්න එපා. ඒ වගේම මෙයින් යම් කිසි අතුරුඵලයක් සිදු වුවහොත් ඒ සඳහා අපගේ කිසිදු වගකීමක් නොමැති බව.

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ custom recovery ක්‍රමයක් (CWM හෝ TWRP වැනි) ස්ථාපනය කර ඇත්නම් මේ ක්‍රමයෙන් පහසුවෙන් ස්මාට්ෆෝනයේ ලොක් මඟ හරින්න පුලුවන්.

☺☺☺ Guide to Bypass Pattern Lock, pincode lock, Face detection or Password lock ☺☺☺

1.Pattern-Password-Disable.zipfile එක බාගත කරගන්න.(පහළ ලින්ක් එකෙන් යන්න)
2.බාගත කරගත් සිෆ් ෆයිල් එක ස්මාට්ෆෝන් එකට යොදා ඇති SD Card එකට කොපි කර ගන්න.
3.SD Card ස්මාට්ෆෝනයට ඇතුලු කරන්න.
4.ස්මාට්ෆෝනය recovery mode එකට Reboot කරන්න.
5.Install Zip from SDCard යන්න ‍තෝරා දෙන්න.
6.ස්ථාපනය වූ සිෆ් ෆයිල් එක වෙත ගොස් එය Flash එකක් ලෙස ‍තෝරා දෙන්න.
7.නැවතත් Reboot කරන්න.
8. දැන් ඔබට සාමාන්‍ය ලෙස පිවිසෙන්න පුලුවන්.( Lock screen එක තවමත් පෙන්වනවානම්  කැමති ආකාරයක පාස්වර්ඩ් එකක් යොදන්න.ඔබ කුමක් යෙදුවත් එය Unlock වෙනු ඇත)



No comments