බිත්ති පුවත්පත

රු.600 කට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් වෙළෙඳපොළට



freedom 251  නමින් ස්මාර්ට් දුරකතනයක් ඩොලර් 6 කට එසේත් නොමැති නම් රු.600 කට ඉන්දියානු සමාගමක් විසින් නිපදවා වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරමින් පවතින බව වාර්තා වේ ..
                                                                                                                       මෙම ස්මාර්ට් දුරකතනය අඟල් 4 ක තිරයක් හා 1GB මතකයක් හා 8GB මතක ධාරිතාවයකින් සමන්විත වන අතර, 3.2MP පසු පස කැමරාවද 0.3MP ඉදිරිපස කැමරාවකින් යුක්ත වේ ,. ඇන්ඩ්‍රොයිඩ් 5.1 සංස්කරණයෙන් හා 1.3 Quadcore Processor එකකින් බලගැන්වෙන මෙම දුරකතනය නිශ්පාදණය කරන ඉන්දීය සමාගම පවසන්නේ මෙම ස්මාර්ට් දුරකතනය නිර්මාණය කර තිබෙන්නේ ඉන්දියාවේ අඩු ආදායම් ලාභී  ග්‍රාමිය ජනතාවටත් ස්මාර්ට් දුරකතනය මිලදී ගැනීමට හැකියාවක් ඇති කිරීමට බවයි . නමුත් සමාගමේ විධායක නිළධාරීන් පවසන්නේ මෙමගින් සමාගමට විශාල පාඩුවක් සිදුවියහැකි බවයි ..

කෙසේනමුත් මෙය සාර්ථක වූවහොත් ඉන්දීය වෙළෙඳපොළ මෙන්ම ලෝක වෙළෙඳපොළත් විශාල වෙනසක් සිදුවන බව නොඅනුමානය ..


No comments