බිත්ති පුවත්පත

ඔබත් ස්මාට්ෆෝනයේ තිරය ගැන සැලකිලිමත්ද ?? [How to protect your phone screen]


ස්මාට්ෆෝනයක ඉතාමත් වැදගත් ප්‍රධාන අංගයක් වෙනුයේ එහි තිරයයි.මෙය රැක ගැනීම යනු බිම වැටීමෙන් පමණක් රැක ගැනීම නොව ඊට එහා ගිය ආරක්ෂාවක් ස්මාට්ෆෝනයකට අවශ්‍ය වේ.ඉතින් අද කියන්න යන්නෙ ගොඩක් අසාවෙන් ගත්ත ස්මාර්ට්ෆොනය රැකගන්න පොඩි ක්‍රමටිකක්
                                                                                                                          ටච් ස්ක්‍රීන් ලෙස ස්මාට්ෆෝන් තිරය හදුන්වන්නේ එය ස්පර්ශ සංවේදී බැවිනි.නමුත් ස්පර්ශ සංවේදී ලෙස පැවසූ විට එය අනවශ්‍ය පීඩනයකින් ස්පර්ශ කිරීම තිරයේ සංවේදීත්වයේ ආයු කාලයට සෘජුවම බලපාන බව ඔබ දන්නවාද... එසේම  පහත කරුණු ගැනත් අවධානය යොමු කරන්න.


  • කැපෑසිටිව් වර්ගයේ තිරයක් ඇත්නම් ඇඟිල්ල පමණක් යොදා ගෙන ස්පර්ශ කල යුතුය.
  • එමෙන්ම දුරකථනය හිරු එළියට සෘජුවම නිරාවරණය නොකල යුතු‍ය.
  • ටච් ස්ක්‍රීනයේ මතුපිට තිර ආරක්ෂක පටලයක් අලවා තිබීමද හොඳ ආරක්ෂාවකි.මක්නිසාද යත් එයින් සීරුම් අවම වන බැවිනි.
  • ඩෙනිම් වැනි කිටි කිටියේ තදට අඳින කලිසම් සාක්කු වල දැමීමේදී සැලකිලිමත් විය යුත්තේ එයින් තිරය ඇදීමට ලක් වන නිසාය.
  • චුම්භක බල ක්‍රියාත්මක වන ස්ථාන වල දුරකථනය නොතැබිය යුතුය.චුම්භක බල මඟින් තිරයේ සංවේදීතාව අඩු විය හැකියාව ඇත.
ඉතින් අදට කුප්පිය ඉවරයි.තවත් කුප්පියකින් හමුවෙනතුරු ඔබට ජය.

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් comment හරහා යොමු කරන්න.
මෙය ඔබට ප්‍රයෝජනවත් වූයේ නම් ඒ පිළිබඳව vote එකක් ලබාදෙන්නත් අමතක කරන්න එපා.

මෙම blog අඩවිය තව තවත් වැඩි දියුනු කරගැනීමට ඔබගේ වටිනා අදහස්, යෝජනා අප වෙත යොමු කරන්න. අපගේ e-mail ලිපිනය ඔබ වෙනුවෙන් විවෘතයි.

නවතම ලිපි පිළිබඳව එසැනින් දැනගැනීමට අපගේ facebook රසික පිටුව සමග සම්බන්ධ වන්න.

සැමදා අපත් සමග රැඳී සිටින ඔබට ස්තුතියි!

No comments