බිත්ති පුවත්පත

Advertisements හිසරදයක් වෙලාද?? මෙන්න විසදුම. [How To Block Advertisements]





එදිනෙදා ජීවිතයේ විවිධ කටයුතු සඳහා විවිධ වෙබ් අඩවි වලට පිවිසීමේදී එම වෙබ් අඩවි හරහා නොයෙකුත්ආකාරයේ වෙලඳ දැන්වීම් ඔබ වෙත ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ අත්දැකීම් බොහොමයක් ඔබ සතුව ඇති.මෙම වෙළඳ දැන්වීම් බොහෝ විට ඔබ පිවිසීමට උත්සහ දරන වෙබ් පිටුවේ  විවිධ ස්ථාන වල හො pop-upකවුලු මතු කරමින් වෙබ් පිටුවට ඉහලින් හෝ දර්ශණය වන බව ඔබට දැකගතහැකි වේනමුත් මෙම වෙළඳදැන්වීම් බොහෝ විට ඔබ වෙබ් පිටුව තුල ලබාගැනීමට බලාපොරොත්තු වූ තොරතුරට කිසිදු සම්බන්ධතාවයක්නොදක්වන අතර ඔබව වෙනත් වෙබ් පිටු වෙත යොමු කරමින් අදාල වෙබ් පිටුවේ අන්තර්ගතය ඔබට නිවැරදිවදැකගැනීමට  බාධා ඇතිකරයි.

මෙම කරදරකාරී නාඳුනන වෙළඳ දැන්වීම් ඔබගේ web browser මෘදුකාංගයෙන් දර්ශනය නොවන ආකාරයටඅවහිර කරගැනීම (block) සඳහා භාවිතා කළහැකි ඉතා හොඳ browser extension එකකි AdBlock Plus


 Adblock Plus යනු ඔබගේ web browser මෘදුකාංගය තුලට ස්ථාපනය (install) කරගතහැකි කුඩා extensionවැඩසටහනකිමෙමගින් ඔබ පිවිසෙන වෙබ් පිටු අධීක්ෂනය කරනු ලබන අතර ඒවා තුල ඇති ඉහත සඳහන් කලආකාරයේ කරදරකාරී වෙළඳ දැන්වීම් ඔබ වෙත ඉදිරිපත් වීම අවහිර කරනු ලබයිමේ සඳහා Adblock Plusවැඩසටහන එහි නිර්මාතෘ සමාගම විසින් පවත්වාගෙන යනු ලබන දත්ත පාදකයකින් (Database) තොරතුරුලබාගන්නා අතර ඔවුන් එම දත්ත නිරතුරුව යාවත්කාලීන (update) කරන බැවින් ඔබට ඉතා පහසු සහ නිදහස්අන්තර්ජාල අත්දැකීමක් ලබාගැනීමට AdBlock Plus බෙහෙවින් උපකාරී වේ.

AdBlock Plus කරදරකාරී වෙළඳ දැන්වීම් පමණක් නොව ඔබේ පරිගනකයට හානිකර ආකාරයෙන්අන්තර්ජාලය ඔස්සේ අනවසරයෙන් ක්‍රියාත්මක වීමට උත්සහ කරන malware වැඩසටහන් වලින්ද ඔබවආරක්ශා කරයි.  මෙ මගින් ඔබ පිවිසීමට උත්සහ කරන වෙබ් පිටුවේ අන්තර්ගතය කිසිදු ආකාරයකින් අවහිරනොකරන අතර ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක AdBlock Plus ක්‍රියා විරහිත කර අදාල වෙබ් පිටුව වෙළඳදැන්වීම් සහිතව උවද නැරඹීමේ හැකියාව ඇත.

කෙසේ වෙතත් මෙම වැඩසටහන අන්තර්ජාලයේ ඇති සියළුම වෙළඳ දැන්වීම අවහිර නොකරන අතරපරිශීලකයන් හට කරදරයක් නොවන සහ අදාල වෙබ් අඩවි හිමිකරු විසින් අනිවාර්යයෙන්ම දර්ශණය කල යුතුඇතැම් වෙළඳදැන්වීම් සඳහා දර්ශනය වීමට අවස්ථාව ලබා දේ.










AdBlock Plus භාගත කිරීම සහ ස්ථාපනය




AdBlock Plus යනු සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන නිදහස් හා විවෘත මූලාශ්‍ර (Free and Open Source) මෘදුකාංගයකිadblockplus.org වෙබ් අඩවියෙන් ඔබට මෙය නොමිලයේ ඔබගේ web browserඑකට install කරගතහැක.

මෙම වැඩසටහන සහය දක්වන්නේ Mozilla Firefox, Google Chrome, Opera, Internet Explorer යන web browser මෘදුකාංග සඳහා පමණිමීට අමතරව ජංගම දුරකතන අතරින් Android සඳහා සංස්කරණයක් ඇත.








මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් comment හරහා යොමු කරන්න.
මෙය ඔබට ප්‍රයෝජනවත් වූයේ නම් ඒ පිළිබඳව vote එකක් ලබාදෙන්නත් අමතක කරන්න එපා.

මෙම blog අඩවිය තව තවත් වැඩි දියුනු කරගැනීමට ඔබගේ වටිනා අදහස්, යෝජනා අප වෙත යොමු කරන්න. අපගේ e-mail ලිපිනය ඔබ වෙනුවෙන් විවෘතයි.

නවතම ලිපි පිළිබඳව එසැනින් දැනගැනීමට අපගේ facebook රසික පිටුව සමග සම්බන්ධ වන්න.

සැමදා අපත් සමග රැඳී සිටින ඔබට ස්තුතියි!

No comments