බිත්ති පුවත්පත

ඔබත් ස්මාට්ෆෝනය ROOT කරන්නද හදන්නේ?නැත්නම් ROOT කරාද? මොහොතක් මේගැනත් සිතන්න.



 ඔබ අන්තර්ජාලයේ root කියලා search කරල බැලුවම බලාගන්න පුලුවන් ගොඩක් වෙබ් අඩවි වල root කරන හැටි විස්තර කර තිබුණත් එහි ඇති වාසි හා අවාසි දක්වලා නෑ.ඒ හින්දා Root කරන්න කලින්  මේක කියවලා බලන්න.

මොකක්ද මේ  Root කරනවාකියන්නේ?
                                   ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් කියල කියන්නේ මෙහෙයුම් පද්ධතියක් යටතේ ක්‍රියාත්මක වන්නක්.එමඟින් අපට දුරකථනයේ සෑම ක්‍රියාවකටම හොට දැමීමේ අවස්ථාවක් නෑ.ඒකට හේතුව තමයි දුරකථනයේ ආරක්ෂාව අප අතින් බිඳ වැටීමට ඇති ඉඩකඩ වැඩි වීමයි.නමුත් මෙම මූල (root) කිරීමේදී අපට දුරකථනයේ සියලුම බලතල ලැබෙනවා.එනම් දුරකථනයේ "Super User" කියන නිලය අපට ලැබෙනවා.

Root කිරීමේ ඇති වාසි


  • දුරකථනයේ සියලුම බලතල අපට ලැබේ.
  • ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියේ නව සංස්කරණ වෙත දුරකථනය යාවත්කාලීන කිරීමට හැක.
  • ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය පදනම් කරගත් වෙනත් මෙහෙයුම් පද්ධති ස්ථාපනය කිරීමට හැකි වීම.
  • මෙතෙක් ස්ථාපනය කිරීමට නොහැකි වූ යෙදුම් ස්ථාපනය කළ හැකි වීම.
  • යෙදුම් බාහිර මතකයට ස්ථාපනය කළ හැකි වීම.       

Root  කිරීමේ ඇති අවාසි


  • දුරකථනයේ වගකීම් සහතිකය අවලංගු වීම.
  • වයිරස් සඳහා දුරකථනයේ මෙහෙයුම් පද්ධතිය විවෘත වීම.
  • යම් හෙයකින් ඔබට දුරකථනය නිවැරදි ලෙස මූල කර ගැනීමට නොහැකි වුවහොත් යළි යථා තත්වයට පත් කල නොහැකි වීම.
  • කලක් ගත වීමේදී දුරකථනයේ ක්‍රියාකාරීත්වය අඩාල වීම.
ඔයලත් දුරකතනය Root  කරන්න යනවනම් මේ දේවල් ගැනත් හිතල බලන්න ,වැදගත් වුනානම් comments එකක් දාල යන්න යාලුවනේ.

No comments