බිත්ති පුවත්පත

ඉංජිනේරු තාක්ෂණයේ විකාශය

අතීතයේ පන්හිඳ යොදා ගෙන පුස් කොළයේ ලියනු ලැබූවත් වර්තමානයේ කාබන් යොදා ගෙන කඩදාසියේ ලියයි.
අතීතයේ කරත්තයෙන් භාණඩ ප්‍රවාහනය කළ මුත් වර්තමානයේදී මෝටර් රථ භාවිතයෙන් භාණඩ ප්‍රවාහණය කරනු ලබයි.
අතීතයේ වැලි පීල්ලේ ලියූවත් අද ඉලෙක්ට්‍රෝනික පුවරු මත ලිවීම සිදු කරයි.
ඉංජිනේරු තාක්ෂණයේ විකාශනය හේතු‍වෙන් භාණ්ඩ හා සේවා වල බාහිර පෙනුම, භාවිත ද්‍රව්‍ය, තාක්ෂණික ශිල්ප ක්‍රම ආදී විවිධ අංග සංවර්ධනය වී ඇත.
ඉංජිනේරු තාක්ෂණයේ විකාශනයේදී බලපෑ ප්‍රබල සාධක ලෙස විවිධ කාල වකවානු වල බිහි වූ නව සොයා ගැනීම් දැක්විය හැකි ය.මේවා ඉංජිනේරු තාක්ෂණයේ හැරවුම් ලකෂ්‍ය ලෙස හැඳින් විය හැක.
ගින්දර  – වසර මිලියන 1.8 පෙර
රෝදය  – වසර 5300 පෙර
ජලරෝදය – වසර 1800 පෙර
චීනච්චට්ටි වාත්තු කිරීම – වසර 2200 පෙර
තල බඔනය – වසර 1700 පෙර
මුද්‍රණ තලාව – වසර 1000 පෙර
මුද්‍රණ යන්ත්‍රය – ක්‍රි.ව.1439
ස්ථති විදුලිය – ක්‍රි.ව. 1600
විදුලිය සංවයනය – ක්‍රි.ව. 1723
රික්තක නළය – ක්‍රි.ව. 1875
දුරකතනය – ක්‍රි.ව. 1876
පටිගත කිරීමේ යන්ත්‍රය – ක්‍රි.ව.1877
රැහැන් රහිත සන්නිවේදනය – ක්‍රි.ව. 1894
ට්‍රාන්සිස්ටරය – ක්‍රි.ව.1947
සංගෘහිත පරිපථය – ක්‍රි.ව.1959

ඉංජිනේරු තාක්ෂණවේදයේ සීග්‍ර සංවර්ධනයක් සිදු වූ යුග දෙකක් වූ අතර කාර්මික විප්ලවය ලෙස හඳුන්වන
ක්‍රි.ව. 1760 – 1870 කාල පරිච්ඡේදය හා දෙවන ලෝක සංග්‍රාම සමය ක්‍රි.ව.1939 – 1945 කාල පරිච්ඡේදය
එම යුග දෙකයි.

කාර්මික විප්ලව සමය තුල

අතින් කළ කර්මාන්ත වලට යන්ත්‍ර හඳුන්වා දීම.
ජලයේ ශක්තිය හා හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම.
ඉන්ධන ලෙස ගල් අඟුරු භාවිතය ඇරඹීම.
හුමාලය භාවිතයෙන් ධාවනය වන බෝට්ටු, නැව් නිෂ්පාදනය
මහා පරිමාණ නිෂ්පාදන ඇරඹීම හා උචිත යන්ත්‍ර නිෂ්පාදනය සිදු වෙයි.
දෙවන ලෝක සංග්‍රාම සමය තුල
ඉන්ධන ගෙන යාම සඳහා ජෙරි බඳුන් නිෂ්පාදනය කිරීම.
ගුවන් යනා නිෂ්පාදනය.
ජෙට් එන්ජිම තැනීම.
රේඩාර් කුමය සොයා ගැනීම.
න්‍යෂ්ටික බලය භාවිතය සිදු කරයි.

ඉංජිනේරු තාක්ෂණවේදයේ වත්මන් හා අනාගත ප්‍රවණතා
වර්තමානයේ පරිගණක ආශ්‍රිත සන්නිවේදනය ගෝලීයකරණය සඳහා ප්‍රබල දායකත්වයක් සපයා ඇත. බලශක්ති අර්බුදයකට මුහුණ දීම සඳහා සූර්ය ශක්තිය ප්‍රයෝජනයට ගෙන විදුලිය සඳහා මහා පරිමාණ යෝජනා ක්‍රම ලොව පුරා ක්‍රියාත්මක වේ. මෝටර් රථ ධාවනය සඳහා මෙන්ම ජංගම උපකරණ සඳහා සූර්ය බල ශක්තිය උපයෝගී කර ගනී.විදුලිය පිරිමසින විදුලි උපකරණ නිෂ්පාදනය කිරීම තාක්ෂණයේ නව ප්‍රවනතාවයකි.
LCD තිර සහිත රූපවාහිනී භාවිත කිරීම.
LED පහන් නිපඳවීම.
සන්නිවේදනය සඳහා චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයට පැමිණීම.
රොබෝ තාක්ෂණය භාවිතයෙන් කර්මාන්ත සංවර්ධනය වීම.
නිෂ්පාදනය සඳහා සැහැල්ලු මිශ්‍ර ලෝහ (ඩියුරැලුමින්) භාවිතයට ගැනීම, ෆයිබර් ග්ලාස්, ප්ලාස්ටික් වර්ග හා දෘඩ වීදුරු භාවිතය වර්තමානයේ පවත්නා එක්තරා ප්‍රවනතාවයකි. එසේම, පරිසර ආරක්ෂණය සඳහා සහ ඕසෝන් ස්ථරය රැකගැනීම වෙනුවෙන් ශීතකරණය සඳහා කාරක තරලය සුදුසු පරිදි වෙනස් කර ඇත.
ඉංජිනේරු තාක්ෂණවේදයේ අනාගත ප්‍රවණතා ලෙස හරිත තාක්ෂණය සඳහා විවිධ පර්යේෂණ සිදු කිරීම හා අදාල නිෂ්පාදන බිහි කිරීම, මතක චිප (Memory chip) වල විශාලත්වය ක්ෂුද්‍ර මට්ටමට ගෙනයාම, මතක චිප වල ධාරිතාව අසීමිත ලෙස ඉහළ නැංවීම, පරිගණක වල වේගය ඉතා ඉහළ මට්ටමකට ගෙන යාම හා සුවිශේෂ නැනෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් නිෂ්පාදනය වන බොහෝ භාණ්ඩ වර්ග ඇතිවීම සිදු වේ.

ඉංජිනේරු තාක්ෂණවේදයේ බලපෑම්.
ඉංජිනේරු තාක්ෂණවේදය ඔස්සේ බිහි වී ඇති බොහෝ නිෂ්පාදන හා සේවා මිනිසාගේ අවශ්‍යතා බෙහෙවින් සපුරාලීමට විශාල මෙහෙයක් කලද,ඒවා මඟින් මිනිසාට හා පරිසරයට බොහෝ අයහපත් දේද ගෙන දී ඇත. ඒ අතර නූතන නිෂ්පාදන භාවිතයට ඇබ්බැහිවීම, පවුල් සබඳතා බිඳ වැටීම, මිනිසාගේ සංස්කෘතික අගයන් සමාජයෙන් බැහැර වීම, කර්මාන්තවල අපද්‍රව්‍ය හා දූෂක ද්‍රව්‍ය පරිසරයට එකතුවීම, සෞඛ්‍ය ගැටළු ඇතවීම, ශාරීරික ව්‍යයාමවලින් මිනිසා ඈත් වීම දැක්විය හැකිය.මෙම බලපෑම් අවම කර ගැනීම සඳහා විසඳුම් ලබාදීමද තාක්ෂණවේදයේ අනාගත ප්‍රවණතාවයකි.

No comments