බිත්ති පුවත්පත

ට්‍රාන්සිස්ටරය

ට්‍රාන්සිස්ටරය යනු අර්ධ සන්නායක උපාංගයක් වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක් ‍ලෙස භාවිතා කරනු ලැබේ. තවද පරිගණකවල, ජංගම දුරකථන වල සහ අනෙකුත් සියලුම විද්‍යුත් උපකරණ වල භාවිතා වන මූලික විද්‍යුත් පරිපථ උපාංගයක් ලෙසද මෙය සැලකිය හැකිය.
ට්‍රාන්සිස්ටරයේ ඇති ඉක්මන් ක්‍රියාකාරිත්වයත්, නිරචද්‍යතාවයත් නිසා විවිධවූ කාර්යයන් සදභා මෙය යොදා ගනු ලබන අතර උදාහරණ ලෙස ධාරා වර්ධනය,වෝල්ටීයතා වෙනස්කිරීම්, සංඥා සැකසීම සහ දෝළක සැලකිය හැකිය. ට්‍රාන්සිස්ටර තනි ඇසුරුමක ආකාරයෙන් සහ සංගෘහිත පරිපථ වල අභ්‍යන්තර කොටසක් ලෙසද නිර්මාණය කර ඇත. සංගෘහිත පරිපථ වල අභ්‍යන්තරයේ මෙවැනි පරිපථ බිලියන ගණනක් පවතී.
මුලින්ම ට්‍රාන්සිස්ටරය සංවර්ධනය කල් 1947 වසරේදීය. ඇමරිකාවෙහි බෙල්ස ලැබ්ස් හිදී වීලීයමී සොක්ලී, ජොන් බාඩින්, සහ වොල්ටර් බ්රැටෙන් යන විදාඥයින් තිදෙනා එකතුවෙනි.
 1947 වසරේදී ට්‍රාන්සිස්ටරය සොයාගැනීමත් සමගම තාක්ෂණික විප්ලවයක් කරා ලෝකය ගමන් ආරම්භ කළ බව තාක්ෂණිකයන්ගේ විශ්වාශයයි. එතෙක් පැවති අති විශාල වැකුම් ටියුබය ක්‍රම ක්‍රමයෙන් භාවිතයෙන් ඉවතට ගිය අතර වර්තමානයේදී ඉතා කුඩා ප්‍රමාණයේ ට්‍රාන්සිස්ටරයක් වුවද වැකුම් ටියුබ් දහස් ගනණකින් ඉටුකර ගත හැකි ක්‍රියාවලින් ගණනාවක් ඉටු කර දීමට සමත්ව ඇත.
 ට්‍රාන්සිස්ටරය වර්ග දෙකකට බෙදා දැක්වියහැක.
  1. ද්විඩ්‍රැව ට්‍රාන්සිස්ටරය
  2. FET ට්‍රාන්සිස්ටරය

ද්‍විධ්‍රැව ට්‍රාන්සිස්ටර

PNP හා NPN යනුවෙන් වර්ග දෙකක් පවතී.

FET ට්‍රාන්සිස්ටරය

J-FET හා MOS-FET යනුවෙන් වර්ග දෙකක් පවතී.
ම ට්‍රාන්සිස්ටරයකත අග්‍ර 3ක් ඇත.
එනමුත් ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාත්මක වීමට නම් ට්‍රාන්සිස්ටරයේ 3න් වන අග්‍රයට අදාල විධානය භාහිරව ලබාදියයුතුවේ.එය බොහෝ දුරට යම් වෝල්ටීයතාවයක් විය හැකියි.


1 comment

Unknown said...

Zenar diode genath dannako