බිත්ති පුවත්පත

සුරක්ෂිත හෙට දවසක් උදෙසා ශක්තිමත් මුර පදයක් නිර්මාණය කරගමු...


එදිනෙදා ජීවිතයේදී අන්තර්ජාලය භාවිතා කරන ඔබට password එකක් යනු නුහුරු දෙයක් නොවේනමුත් ඔබ භාවිතා කරන facebook, Gmail ගිනුම් මෙන්ම ඉතා ඉහල ආරක්ෂාවක් අවශ්‍ය වන ඔබගේ පෞද්ගලික බැංකුගිනුම පවා වෙනත් පුද්ගලයෙකුගේ අනවසර ඇතුල්වීමකට ලක්වීම සඳහා ඔබ ඊට යොදා ඇති මුර පදය ඍජුවමබලපාන බව ඔබ දන්නවාද?

ඔබගේ නිවසේවාහනයේ හෝ මුදල් සේප්පුවේ භෞතික යතුරටත් වඩා ඉහල වටිනාකමක් ඔබේ අන්තර්ජාලගිනුමේ මුර පදයට තිබෙන බව ඔබ දන්නවාද?

ඔව්! එතරම්ම වටිනාකමක් ඔබගේ අන්තර්ජාල මුර පදයට තිබෙනවාඔබගේ නිවසේ යතුර සොරාගත් අයෙකුටඉන් ප්‍රයෝජන ගැනීමට නම් ඔබගේ නිවසටම පැමිණිය යුතුයිමුදල් සේප්පුවේ යතුර සොරාගත් අයෙකුට ඉන්මුදල් ලබාගැනීමට නම් සේප්පුව තිබෙන තැනටම පැමිණිය යුතුයි.

නමුත්ඔබේ e-mail ගිනුමේ මුර පදය සොරාගත් අයෙකුට ලොව ඕනෑම තැනක සිට ඔබගේ e-mailගිනුමට ප්‍රවේශ වියහැකියඔහුට අවශ්‍ය වන්නේ අන්තර්ජාල සබඳතාවයක් පමණි.

 නිසා ඔබ එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන විවිධ අන්තර්ජාල කටයුතු වලදී යොදාගන්නා මුර පද ඉතාසුරක්ෂිතව තබාගැනීමට වග බලාගන්නඒවා නොදන්නා අයෙකුගේ අතට පත්වීමෙන් ඔබ නොසිතනා තරම්ඔබගේ පෞද්ගලිකත්වයට හානි සිදුවීමට පුළුවන්.

ඔබගේ මුර පදය ඉතා සරළපහසුවෙන් උපකල්පනය කිරීමට හැකි වන ආකාරයේ එකක් නම් ඉතා පහසුවෙන්ඔබගේ අන්තර්ජාල ගිනුම වෙනත් පුද්ගලයෙකුගේ පාලනයට නතු වීමේ හැකියාවක් ඇත නිසා ඔබ මුර පදයක්නිර්මාණය කිරීමේදී කරුණු කිහිපයක් පිළිබඳව සැලකිලිමත් වියයුතුය.

  1. මුර පදයේ දිග
  2. සංකීර්ණ බව
  3. නිතර නිතර වෙනස්වන සුළු බව
  4. විවිධත්වය
මෙම කරුණු පිළිබඳ අවධානයෙන් සිටීමෙන් ඔබගේ මුරපදය වඩාත් සුරක්ෂිතශක්තිමත් එකක් බවටපත්කරගතහැකඉහත කරුණු පිළිබඳව විස්තරාත්මකව සලකා බලමු.

ඔබගේ මුරපදය අවම වශයෙන් අකුරු 8ක් වත් දිගු එකක් වීමට සැමවිටම වගබලාගන්නමෙවිට ඔබගේමුරපදය සාමාන්‍ය පුද්ගලයෙකුට හෝ මෘදුකාංගයකට උපකල්පනය කිරීම අපහසු වේ. (මෙයින් ඔබේ මුර පදයඅකුරු අටකට සීමා වියයුතු බව අදහස් නොවන අතර අවම වශයෙන් අකුරු 8ක් වත් භාවිතා කලයුතු බව මතකතබාගන්න.)

ඔබගේ මුර පදයේ සංකීර්ණ බව එහි සුරක්ෂිතතාවයට බෙහෙවින් බලපායිහැකි තාක් “කැපිටල්” හා “සිම්පල්අකුරු මිශ්‍ර වන ආකාරටට මුර පදය ගොඩනගන්න. $.%.&.! වැනි සංකේත හා ඉලක්කම් මුර පදයේ තැනින් තැනයොදන්නනමුත් ඉහත යෙදීම කිසිම රටාවකට අනුකූලව යොදන්න එපා!

දීර්ඝ කාලයක් තිස්සේ එකම මුරපදය භාවිතා කිරීම එහි සුරක්ෂිතතාවය අඩු වීමට හේතු වියහැකයම්කිසිකාලසීමාවකට පසු ඔබේ මුරපදය වෙනස් කිරීමට පියවර  ගන්නමෙම වෙනස් කිරීමේදී කිසියම් රටාවකටඅනුකූලව වෙනස්කම් කරන්න එපාපැරණි මුරපදයට හාත්පසින්ම වෙනස් වූ නව මුර පදයක් යොදන්න.

මුර පද වල විවිධත්වය ඔබගේ අන්තර්ජාල ගිනුම් වල ආරක්ෂාවට තවත් වැදගත් කරුණකිඑකම මුරපදය විවිධගිනුම් කිහිපයක් සඳහා යොදාගන්න එපාමෙවිට එම මුරපදය යම් හෙයකින් වෙනත් පුද්ගලයෙකුගේ අතට පත්වීමෙන් ඔබගේ අන්තර්ජාල ගිනුම් කිහිපයකටම හානි සිදුවියහැක.
 



ඉහත කරුණු වලට අමතරව මුර පදසම්බන්ඳයෙන් ඔබ අනුගමනය කලයුතුතවත් වැදගත් ක්‍රියාමාර්ග කිහිපයක්සලකා බලමු.





  • ඔබගේ මුර පද සම්බන්ද තොරතුරු පහසුවෙන් අන් අයට දැකගතහැකි ස්ථාන වල තබාගන්න එපා.විශේෂයෙන් ඔබ ඒවා ලියා තබාගන්නේ නම් එම සටහන් ඔබගේ කාර්යාල මේසයවැනි බාහිර පුද්ගලයන් ගැවසෙන් ස්ථාන වල තබන්න එපා!

  • සැමවිට ඔබේ මුර පදය ඔබටම අනන්‍ය වූ එකක් වන බවට තහවුරු කරගන්නකිසිවිටෙකත් ඔබගේපෙම්වතියගේ/පෙම්වතාගේ නම හෝ වෙනත් ඔබට සමීප අයෙකුගේ නමක් වැනි දෙයක් මුර පදයකටයොදන්න එපා!

  • විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාවේ වචනයක් හෝ වෙනත් ශබ්දකෝෂයක් තුල අන්තර්ගත වියහැකි වචනයක්යොදාගන්න එපාමේවා Dictionary attack නම් වූ ඉතා පහසු ක්‍රමවේදයක් මගින් සොරාගතහැක.

  • සැමවිට Password recovery option භාවිතා කරන්නබොහෝ අන්තර්ජාල සේවාවන් ඔබගේ මුරපදයඅමතක වූ අවස්ථාවක e-mail පණිවිඩයක් හෝ ඔබගේ දුරකතනය වෙත එවන කෙටි පණිවිඩයක් මගින්එය reset කරගැනීමේ පහසුකම ලබා දේඔබ recovery e-mail address සඳහා හැකි සෑම විටම ඔබේරහස් e-mail ලිපිනයක් භාවිතා කරන්න.එම e-mail ලිපිනය හැකිතාක් සුරක්ෂිත කරගන්න. එය අනෙක්පුද්ගලයින් වෙත ලබා දෙන්න එපා!  

  • Recovery options තුල ඔබේ දුරකතනය භාවිතා කිරීමට අවස්ථාව ලබාදී ඇති සෑම විටම එය භාවිතාකරන්නඔබේ e-mail ලිපිනයට වඩා එය ආරක්ෂාකාරි වියහැක.






අවසාන වශයෙන් ඔබට අනන් වූ වචන කිහිපයක් මගින් ශක්තිමත් මුර පදයක් මෙලෙස සකසාගතහැක

This is a strong password >>> 7h15:s@STr0ngPaS5w_ORd

නමුත් මෙවන් ඉතා සංකීර්ණ මුර පදයක් භාවිතා කිරීමේදී ඔබට එය අමතක වීමේ ඉහල ප්‍රවනතාවයක් ඇත. ඒ නිසා ඔබේ මුර පදය ඔබට හුරු වන තෙක් ටික කාලය වත් එය යම් තැනක ආරක්ෂිතව සටහන් කර තබාගැනීමට මතක තබාගන්න.


එසේනම් තවත් දිනයක මෙවන් තාක්ෂණික ලිපියකින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් comment එකක් ලෙස යොමු කරන්න.
ඔබගේ වෙනත් ඕනෑම ප්‍රතිචාරයක් සඳහා අපගේ e-mail ලිපිනය ඔබ වෙනුවෙන් විවෘතයි. 
නවතම ලිපි පිළිබඳ එසැනින් දැනගැනීමට අපගේ facebook රසික පිටුව වෙත සම්බන්ඳ වෙන්න.

No comments