බිත්ති පුවත්පත

Huawei ෆෝනයක් දකුණු අප්‍රිකාවේ පුද්ගලයෙකුගේ දිවි බේරයි


විද්‍යා ප්‍රබන්ධ කථා වල  පමණක් අසා ඇති ආකාරයේ පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙයි. ඒ  Huawei ස්මාර්ට්ෆෝනයක් විසින් පුද්ගලයෙකු මරණයෙන් බේරා ගැනීමේ ප්‍රවෘත්තියකි. දකුණු අප්‍රිකාවේ දෙවන විශාලතම නගරය වන කේප් ටවුන් හි පුද්ගලයෙකු මෙලෙස  සිය Huawei ස්මාර්ට්ෆෝනය  නිසා ජීවිතය බේරාගැනීමට සමත්වී තිබේ.
41හැවිරිදි දකුණු අප්‍රිකානුවෙකු වන සිරාජ් ආබ්‍රම්ස්  රථවාහන සහ තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයක හිමිකරුවකි. පස් දරු පියෙකු වන මෙම පුද්ගලයා පසුගිය අගෝස්තු 30වනදා  කේප් ටවුන් හි දී හදිසියේම වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.  මෙම වෙඩි ප්‍රහාරය ඔහුගේ පපු පෙදෙසට එල්ල වී ඇති අතර ඒ වනවිට සිය ජැකට්ටුවේ සාක්කුවේ තිබූ  Huawei P8 Lite  ස්මාර්ට්ෆෝනයට එල්ල වී තිබේ.  වෙඩි ප්‍රහාරයෙන් පසුව  ඔහු පරීක්ෂා කර බැලීමේදී සිය ජැකට්ටුවේ  ස්මාර්ට්ෆෝනය දමා ගෙන සිටි සාක්කුව  සිදුරු වී තිබු අතර  ස්මාර්ට්ෆෝනය කැබලි වලට කැඩී ගොස් තිබූ බව දැක ඇත.   වෙඩි උණ්ඩ තම සිරුර පසාරු කරගෙන යාම වැළැක්වුනේ Huawei P8  Lite  ස්මාර්ට්ෆෝනය නිසා බව පසු ඔහු අවබෝධ කරගෙන තිබේ.
ස්මාර්ට්ෆෝනයක් මඟින් වෙඩි උණ්ඩයක් වැළැක්වූ ලොව ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මීට පෙරදී ද ගෝතමාලා හි වනාන්තරයක පර්යේෂණ කටයුතු කරමින් සිටි මිල්වර්ට් බ්‍රවුන් නැමැත්තා  වෙඩි හුවමාරුවකට මැදිව ඇති අතර එහිදී එල්ලවු වෙඩි ප්‍රහාරයකින් ඔහු ආරක්ෂා වී ඇත්තේ ඔහු භාවිත කරමින් සිටි Huawei Media Pad එක වෙත එම වෙඩි ප්‍රහාරය එල්ල වීම හේතුවෙනි. මීට සමාන තවත් ප්‍රවෘත්ති  වරින් වර iPhone සහ Samsung ස්මාර්ට්ෆෝන් සම්බන්ධයෙන් ද වාර්තා වී තිබේ. ඒ අනුව සලකා බැලූ කල වර්තමානයේදී ස්මාර්ට්ෆෝනය  වෙඩි නොවදින උපකරණයක් ලෙස වුවද භාවිත කෙරෙමින් පවතියි.
උපුටාගැනීම ලක්බිම වෙබ් අඩවියෙනි

No comments