බිත්ති පුවත්පත

Google Play Store හි "ERROR" Message විසඳන හැටි දන්න සිංහලෙන් දැනගමු.


මම අද කියන්න යන්නේ කාටත් වැදගත් වෙන Google Play Store හී error මැසේජස් විසඳාගන්න විදිය ගැන.මේක හැමෝටම ගොඩක් වැදගත් වෙන්නේ මේවා ඕනෑම වෙලාවක එන්න පුලුවන් හින්ද.ඒ නිසාම මේව දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා ..,

Google Play - Error 491


ගැටලුව

බාගත කිරීම හා ඇප්ස් යාවත්කාලීන කිරීමට නොහැකි වීම.

විසඳුම

සෙටින්ග්ස් මඟින් ගොස් ගූගල් ගිණුම ඉවත් කරන්න.දුරකතනය reboot කර නැවත ගිණුම ස්ථාපනය කරන්න.ඉන්පසු Google Services ඇප් එකෙහි දත්ත මකා දමන්න.
...................................................................................................................................................................

Google Play - Error 498


ගැටලුව

Play Store මඟින් බාගත කිරීමේදී අතරමඟදී නැවතීම.

විසඳුම

මෙයට හේතුව වන්නේ දුරකථනයේ cache පිරී තිබීමයි.මෙය විසඳීමට දුරකථනය රිකවරි මූඩ් එකට යොමු කරන්න.ඉන්පසුව ලැබෙන මෙනුවෙන් wipe cache partition වෙත යොමු වෙන්න.එමඟින් සියලු cache ඉවත් කරන්න.
...................................................................................................................................................................

Google Play - Error 919


ගැටලුව

ඇප්ස් බාගත වුවත් විවෘත කළ නොහැකි වීම.

විසඳුම

මෙයට හේතුව වන්නේ දුරකථන මතකය පිරී තිබීමය.

...................................................................................................................................................................

තව Errors කීපයක්ම තියෙනව .මම මේ ලිපියෙන් ඔයාලට කිව්වේ නිතරම දකින්න ලැබෙන Errors ගැන ..අනෙත් ඒවා තවත් ලිපියකින් කියන්නම්... හැමදාමත් වගේ අදත් කියන්නේ ප්‍රතිචාර ගොඩක් වටිනවා.. එහෙනම් ඔයාලට ජයවේවා!!!

No comments