බිත්ති පුවත්පත

ලොව ශක්තිමත්ම දත් කොළඹ වරායට


ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයේ නියුතු ජනක කාංචන මුදන්නායක ගිනස් වාර්තාවක් වෙනුවෙන් අද (06) දිනයේ දී කම්බි 20ක් දත් ආධාරයෙන් නමමින් සාර්ථක උත්සාහයක නිරත විය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනයේ අද (06) පිළිගත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ අඩි 04ක් දිග, මිලිමීටර් 12 ක වටප්‍රමාණයක් සහිත, ග්රෑම් 900ක් බර වානේ කම්බි 20ක් එක් විනාඩියක් තුළ තම දත් දෙපළින් නැ‍මීමෙන් මෙම ගිනස් වාර්තාව වෙනුවෙන් උත්සාහයක නිරත විය. ලෝකයේ ශක්තිමත්ම දත් දෙපළ හිමි පුද්ගලයා හා එක් විනාඩියක් තුළ ඉහත ප්‍රමිතියෙන් යුත් කම්බි 20ක් නැමූ පුද්ගලයා ලෙස ජාත්‍යන්තර ගිනස් වාර්තාවක් පිහිටුවීම ඔහුගේ අරමුණයි.
මෙම වාර්තාවට මෙතෙක් හිමිකම් කිවූයේ එක් විනාඩියක් තුළ කම්බි 09ක් නැමූ රුසියන් ජාතිකයෙකි.
2014 වර්ෂයේදී තම අත උඩින් වාහන 32ක් ගමන් කරවමින් ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින ජනක කාංචන ඉදිරියේදී තවත් ජාත්‍යන්තර වාර්තා රැසක් පිහිටුවීමට පුහුණුවීම් වල නිරතව සිටී.

No comments